රට තුළ මේ වනවිට පවතින්නේ සටන් විරාමයක් වැනි තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
“ඉන්ධනවලට විවෘත මිල සූත්‍රය ඉතාම අවශ්‍යයි. හිතෙන හිතෙන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න නෙමෙයි. ජනතාව සෑම මසකම නිවැරදිව දැනගත යුතුයි.., පෙට්‍රල්වලට ඩීසල්වලට තමන් ගෙවන්නේ නිසි මිලද කියලා.”
“අද සිංගප්පූරුව අනුව රුපියල් 250ට අඩුවෙන් තමයි පෙට්‍රල් ඩීසල් තියෙන්නේ. නමුත් දැන් මේවා තුන්සිය ගණන් හාරසිය ගණන්.
ජනතාව කරන වියදමට සරිලන ආකාරයෙන් මේක ලැබෙනවා ද කියලා දැනගන්න ජනතාවට අයිතිය තිබෙනවා.
අද ගෑස් ඉල්ලුම 50%කින් අඩුවෙලා. ඩීසල් ඉල්ලුම 52%කින්, පෙට්‍රල් ඉල්ලුම 26%කින් අඩුවෙලා. පෙට්‍රල් ඩීසල් ආනයනයට ගිය වියදම අද 40%කින් අඩු කරලා තියෙනවා.
විදුලි ඉල්ලුම 20%කින් විතර අඩුවෙලා තිබෙනවා. ආර්ථිකයේ ඝෘණ වර්ධනය 10%කට කිට්ටු ප්‍රමාණයකට ඇවිත් තිබෙන්නේ.”
කර්මාන්ත වැහෙනවා. සේවා අහිමි වෙනවා. රැකියා අහිමි වෙනවා..ඒ අනුව මතක තියාගන්න.. මේ ඇතිවෙලා තිබෙන සටන් විරාමය ඊළඟ වටයේදී එන්න එන්නම දැවැන්ත සමාජ කැරැල්ලක් විදිහටයි එන්නේ.”