රුවන්ට කවුද ලනුවක් දීලා! ගලවගෙන යන්න සුවසැරියේ වෙන්ටිලේටර්ස් නෑ! – හර්ෂ

November 4, 2020 at 6:01 pm | by emanisa.lk

සුව සැරිය ගිලන්රථ තුළ තිබෙන වෙන්ටිලේටර් යන්ත්‍ර ගලවා ගෙන යන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කළහ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

“සුවසැරිය ගිලන්රථ සේවයේ වෙන්ටිලේටර්ස් ගලවාගෙන යන්න සූදානමක් තිබෙනවා යැයි නොදන්නා කමට සමහරුන් ප්‍රචාරයක් අරගෙන යනවා.

එහෙම දෙයක් වෙන්න කොහෙත්ම ඉඩක් නෑ. මොකද? සුවසැරිය ගිලන්රථවල වෙන්ටිලේටර්ස් නෑ. මෙම ගිලන්රථ සේවය ගොඩනැගූ පුද්ගලයා ලෙස එය මා කියන්නේ වගකීමෙන්.

මා මේ පිළිබඳව රුවන් විජේවර්ධනට කිව්වා. කවුරු හෝ ඔහුටත් වැරදි තොරතුරක් දීලා.”

සුවසැරියේ වෙන්ටිලේටර්ස් හෙවත් කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ගලවා ගෙන යාමේ සූදානමක් ඇතැයි පවසා තිබුණේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *