රනිල් වික්‍රමසිංහ රජය විවිධ කතා කියන්නට දක්ෂ වුව ද වැඩක් කරන බවක් නම් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
“ආර්ථික ප්රශ්නය විසදෙනවට අපි කැමතියි.නමුත් ජනතාවට බොරු පොරොන්දු ලබා දීම අනුමත කරන්න බෑ.දැන් හැසිරෙන්නේ සියලු ප්‍රශ්න විසදිලා වගේ.IMF මුදල් ලැබීම තහවුරුයි කියලත් මේ අය කියනවා.
මෘදු බංකොලොත් භාවයක් කියලා එකක් නෑ. බංකොලොත් නම් බංකොලොත්. ඒ තත්ත්වය මත කිසිවෙක් ණය දෙන්නේ නෑ. වළට වැටුණාම කවුරුත් ණය දෙන්නේ නෑ.
ණය ගෙවන්න පුළුවන් තත්වයකට රට ගෙන ආ යුතුයි. රටේ ආදායම වැඩි කරගත යුතුයි. එසේ නොවන්න ණය බරෙන් මිදෙන්න බෑ. ණය අරන් ණය අරන් මේ ප්රශ්නය විසඳන්න බෑ. ආණ්ඩුවේ බලාපොරොත්තුව ණය ගැනීමයි.මේ ගන්න ණය වල මුදල් ආර්ථික සංවර්ධනයට යොදා නොගත්තොත් වැඩක් වෙන්නේ නෑ . එහෙම කරන බවක් පේන්නේ නෑ.
රනිල් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විවිධ කතා ජනතාවට කියන්න දක්ෂයි. වැඩක් කෙරෙන බවක් පේන්නේ නෑ.
රුපියල ශක්තිමත් වුණජ කියලා ආණ්ඩුව කියනවා. ඩොලර් එක පහළට එන බවක් පේනවා.මේක තාවකාලික තත්වයක් පමණයි.මේ වර්ෂය අග වෙනකොට මේක මීට වඩා වැඩි වෙනවා. ඩොලරයේ සැපයුමට වඩා ඉල්ලුම අඩු නම් කොහොමත් අඩු වෙනවා.
සල්ලි නෑ කියලා මැතිවරණය නොතියා රජය බොරු කරන්නේ දැන දැනමයි. භාණ්ඩාගාර ලේකම් නැතුව පසුගිය දා සාකච්චාවක් තිබ්බා.ඒ සාකච්චාවටත් රජය බාධා කලා.පහත් තත්වයට රජය පත් වෙලා.අප්‍රේල් චන්දය තියාවි කියලා අපිට සැකයක් තිබෙනවා.
මර්දනය කරලා ජනතාව හඩ නතර කරන්න බෑ. ඒක ගලන වතුර අත දමා නතර කිරීමක්. මේ තැනට තල්ලු නොවී ජනමතය විමසා බැලිය යුතුයි. දැන් වෘත්තීයවේදීන් මේ රජය විශ්වාස කරන්නේ නෑ.ඒ නිසා තමයි මේ බදු සම්බන්ධයෙන් ඔවුන් සටන් කරන්නේ. එහෙම නැතුව බදු ගෙවන්න බෑ කියලා කිව්වේ නෑ.
අපේ ශ්‍රී ලංකාවට තනිව නැගිටින්න පුලුවන්.වෙන මුදල් ඒකක දිහා බලා වැඩක් නෑ.දැන් ඉන්දියානු රුපියල ගැන සාකච්චා කරනවා.ඒ මත මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අනුන් මත යැපෙනකොට ඔවුන් කියන විදියට අපිට වැඩ කරන්න වෙනවා ඉන්දියාවා අපේ මිතුරෙක් උනාට ඔවුන් වෙනව රටක්.ඉන්දියාව මත යැපෙන්න සූදානම් නොවිය යුතුයි.”
නිදහස් ජනතා සභාව කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.