අද වන විට රුපියල ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් නිසා බවත් වැඩි කලක් යාමට පෙර එය වෙනස් වී යන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.
බාහිර රටවලින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ගෙන්වා ගැනීම ද මෙසේ රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව පැවසූ ඔහු එම මුදල් සඳහා 25% ක ඉතා ඉහළ පොලියක් ගෙවමින් ඇතැයිද කියා සිටියි.
පසුගිය මාස තුනේ දී පමණක් වූ රුපියල් 80%කින් පමණ අධි ප්‍රමාණය වී ඇති බවත් එහි වාසිය ගොස් ඇත්තේ වෙන කිසිවකුට නොව එම ඩොලර් ලබා දුන් පුද්ගලයන් පිරිසට පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.
මෙතරම් ඉහළ වාසියක් වෙන අවස්ථාවක එසේ මුදල් ලබා දෙන පුද්ගලයන් ජාත්‍යන්තරයේ සිටින බවත් ඔවුන් එම වාසිය ලබාගත් පසු නැවතත් එම මුදල් ආපසු ගෙන යනු ඇති බවත් පැවසූ ඔහු ඉන් අනතුරුව ඇති වන ඵලවිපාකවලට මෙරට ජනතාවට විඳීමට සිදුව ඇති බවද කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.