රුපියලේ අගය පහත වැටී ඉහළ ගිය නිසා අපට පාඩුයි! ඖෂධ මිල වැඩි කරන්න අවසර දෙන්න! – ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක්….

May 11, 2020 at 8:51 am | by emanisa.lk

ඖෂධ මිල ඉහළ නැංවීමට අවසර ලබාදෙන්නැයි ආනයනකරුවෝ රජයෙන් ඉල්ලති. ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

සිය ඉල්ලීම ඉදිරිපත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් පසුගිය වකවානුවේ තමන්ට ඖෂධ ආනයනය සඳහා විශාල අතිරික්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි. එසේම අවසන් වරට මෙරට ඖෂධ මිල ගණන් සංශෝධනයක් සිදුකරන ලද්දේ 2019 මැයි මාසයේදී බවත් එවකට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 178 මට්ටමේ පැවැති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පසුගිය සතිය අවසන් වන විට ඩොලරයට රු.191 මට්ටමේ පැවැතියද පසුගිය අප්‍රේල් මාසයේදී ඩොලරය රු.200 ඉක්මවා යෑමක්ද සිදුව තිබූ අතර ඉන් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වූ බවද ඖෂධ කර්මාන්තකරුවෝ පවසති.

එම නිසා කෙවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඖෂධ සැපයුම ආඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා අවම තරමින් තමන් ඉදිරිපත් කර ඇති කාණ්ඩ 70ක ඖෂධවල මිල ගණන් සං​ශෝධනය කිරීමට අවධානය යොමුකරන්නැයිද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස