සමගි බලේ අශෝක වඩිගමංගාව රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි!

July 5, 2020 at 5:28 pm | by emanisa.lk

මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පුත්තලම-කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුව ඇති බව පොලිසිය කියයි.

ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිය යන විට 67 හැවිරිදි වියේ පසුවිය.

ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ අතර වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස