රියදුරු බලපත් සඳහා විශාල මුදලක් පිටරටට! මුදල් රටේ ඉතිරිකරගන්න කොන්ත්‍රාත්තුව හමුදාවට!

July 15, 2020 at 9:48 am | by emanisa.lk

2021 වසරේ සිට රියදුරු බලපත් නිපදවීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද හමුදාවට ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී රු. 1340ක් ගෙවීමට සිදුවෙයි. රියදුරු බලපත් නිෂ්පාදන කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීම නිසා වාර්ෂිකව විශාල මුදලක් පිටරටට ගලා යන බව අනාවරණය වී තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පෙන්වා දී ඇත්තේ ඉතාම අඩු මුදලකට රියදුරු බලපත් සකසා දීමට යුද හමුදාවට හැකි බවත් එමගින් පිට රටට ගලා යන විශාල මුදලක් රට තුළ ඉතිරිකරගත හැකි බවත්ය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සඳහා යුද හමුදාව සහ ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධ ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *