රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කරයි.
තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පවසයි.
අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.
මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියායාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්ය.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරු ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ කටයුතු සිදුකර පාලන තන්ත්රය විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසු රැකියා 150,000 වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය දා නිවේදනය කළේය.