කලකට පෙර දුප්පතුන්ගේ රැකියාවක් බවට පත්ව තිබූ රා මැදීම සුපිරි වැටුපක් සහිත රැකියා අවස්ථාවක් බවට පත් වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව පොල් රා මදින්නෙකුට මසකට රු.150,000 සහිත පැකේජයක් ලබාදීමට එක්තරා පෞද්ගලික සමාගමක් සූදානම් බව සඳහන් වේ.
පුහුණුවක් සහිත අවුරුදු 21-35ත් අතර පුරුෂ පක්ෂයේ අයට මේ සඳහා ඉල්ලුම් කළ හැක.නුපුහුණු සේවකයන්ද මේ සඳහා ඇතුළත් කරන අතර ඔවුන්ට මාස හයක වෘත්තීය පුහුණුවෙන් පසුව රැකියාව ලබාදෙන බව එම සමාගම සඳහන් කරයි.
පැකේජයට අනුව මූලික වැටුපට අමතරව සේවයට පැමිණීමේ දීමනාව, රා ලීටරයක් සඳහා ගෙවන දිරි දීමනාව, වාර්ෂික රක්ෂණාවරණයක් ද මෙම රා මදින්නන්ට හිමිවන බව දැනගන්නට තිබේ.