රාජිත නඟන චෝදනා ඔප්පු කළොත් සියලු දේපළ පවරා දෙනවා…! – චන්න…

September 22, 2021 at 11:16 pm | by emanisa.lk

තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ පුද්ගලයාට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද (22) ඒ බව පැවසීය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමාට අනුරාධපුරයේද නිවාස කිහිපයක් ඇතැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවත් එය ද පට්ටපල් බොරුවක් බවත් හෙතෙම සඳහන් කළේය.

අනුරාධපුරයේ එවැනි නිවාස ඇතැයි ඔප්පු කළහොත් ඒ නිවාස ද එලෙස ඔප්පු කරන අයට ලියා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

තමාගේ මහාචාර්ය ධූරය ගැන ද රජිත මන්ත්‍රීවරයා චෝදනා කළ බවත් තමා මහාචාර්ය ධූරයට පත්වූයේ නියමිත ලකුණුවලට වඩා තුන් ගුණයක් ලබාගෙන බවත් ඔහු පැවසුවේය.

රාජ්‍ය ඇමැති ජයසුමන මෙසේ පැවසූවේ මන්ත්‍රී රාජිත සේනාරත්න ඔහු සම්බන්ධයෙන් කළ චෝදනාවලට පිළිතුරු දෙමිනි.

රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා රැසක් ඉදිරිපත් කළේ‍ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස