රවී කුමුදේශ් රාජිතගේ රූකඩයක්…! ඔවුන්ගේ බොරු විවේචන අපි ගණන් ගන්නේ නෑ….! – ඇමැති චන්න ජයසුමන….

May 6, 2021 at 10:34 am | by emanisa.lk

රාජිත සේනාරත්නගේ නූල් සූත්තරවලට අනුව නැටවෙන රවී කුමුදේශ්, විශේෂඥ වෛද්‍යය ලක් කුමාර වැන්නවුන්ගේ අවර ගණයේ විවේචන භාර ගැනීමට සූදානම් නැති බව සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

දින දෙකක් පුරා පාර්ලිමේන්තුවේ පැවැති කොවිඩ්-19 වෛරසය පැතිරීම සම්බන්ධ විවාදයට එක්වෙමින් සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

නමුත් සාධනීය විවේචන ඉදිරිපත් කරන රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමය වැනි සංගම්වල විවේචන භාර ගැනීමට කිසිදු පැකිලීමක් ආණ්ඩුවේ පාර්ශ්වය තුළ නැති බව ද හෙතෙහ අවධාරණය කළේය.

රට පත්ව තිබෙන අවදානම් අවස්ථාවේදී බාල ගණයේ දේශපාලනයක යෙදෙන රාජිත සේනාරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැන්නවුන්ට ද පාඨලී චම්පික රණවක වැන්නවුන්ට ද ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව ද ඇමැතිවරයා පවසා සිටියේය.

ඇමැති ජයසුමන එහි දී අවධාරණය කර සිටියේ දින දෙකක් පුරා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී කිසිදු සාධනීය විවේචනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ විපක්ෂයේ අසමත්කම නැවත වරක් රට හමුවේ ප්‍රදර්ශනය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස