බස්නාහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගලවත්ත ආසනයේ සංවිධායකවරයා ද වෙයි. රංජිත් සෝමවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ වෙතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේ කළුතර දී පැවති ජන හමුවකදීය.
රංජිත් සෝමවංශ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකෙයි.