ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.
පසුගිය කාලය පුරා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බව කී අමාත්‍ය ටිරාන් අලස්, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයන බව ද සඳහන් කළේය.