පසුගිය මැයි 09 වනදා ප්‍රචණ්ඩ පිරිසක් විසින් කඩාදැමූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියාණන් වන ඩී.ඒ රාජපක්ෂගේ පිළිරුව නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ.
ඒ අනුව එම පිළිරුව තංගල්ල නගරයේ යළි ස්ථාපිත කිරීම ඊයේ (03) සිදු කෙරුණි.
එම අවස්ථාවට සහභාගී වූ හිටපු අමාත්‍ය මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ මෙම පිළිමය විනාශ කළ පිරිස නීතිය හමුවට පමුණුවා දඬුවම් කළ යුතු බවය.