රාජපක්ෂ පාලනය විෂ බීජ කසළ පිරි කුණු ලොරියක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.
රනිල් වික්‍රමසිංහ එම කුණු ලොරියට නැග්ගේ එය සෝදා පවිත්‍ර කිරීමකින් තොරව බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. රියදුරා වෙනස් වුව ද කුණු ලොරිය එලෙස ම පවතින බව ද ඔහු සඳහන් කළේය.
අනාගතයේ බහුතර ඡන්දයෙන් රට භාර ගන්නට සිටින තමන්ට එලෙස වගකීම් විරහිතව කටයුතු කළ නොහැකි බව ද තුෂාර ඉඳුනිල් අවධාරණය කරයි.
හරීන් ප්‍රනාන්දුලා එම කුණු ලොරියට නැග දූෂිතයින් පිරිවරා ගෙන අද ප්‍රගතිශීලී දේශපාලනයක යෙදෙන තමන් ද ඊට නඟිනු ඇතැයි ආශාවෙන් බලා සිටින බවට ද චෝදනා කළේය.