අතිගරු තහනම්..! ජනපති කොඩිය අහෝසියි..! – ජනපති රනිල් වැඩට බසී…

July 15, 2022 at 3:01 pm | by emanisa.lk

ජනාධිපති නාමය ඉදිරියට “අතිගරු” නම්බු නාමය යෙදීම නීතියෙන් තහනම් කරන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ අද (15) වැඩ බලන ජනාධිපති ධූරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජනාධිපති කොඩිය ද අහෝසි කිරීමට කටයුතු කරන බව රනිල් ව්ක්‍රමසිංහ අවධාරණය කළේය. රටකට අවශ්‍ය එක කොඩියක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

පෞද්ගලික අභිලාෂ පසෙක ලා රට ගොඩනැගීමට එකතු වන ලෙස ද හෙතෙම අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *