අනුප්‍රාප්තික ජනපති රනිල්…! අගමැති ධූරය දිනේෂ්ට….!

July 20, 2022 at 12:45 pm | by emanisa.lk

අද (20) පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයෙන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජය ගෙන තිබේ.

මෙහි දී රනිල් වික්‍රමසිංහ ඡන්ද 134ක් ද ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක්ද ලැබූ අතර අනුර දිසානායකට හිමි වූයේ ඡන්ද 03ක් පමණි.

මෙහි දී ප්‍රකාශිත ඡන්ද 223ක් වූ අතර ඡන්ද 04ක් අවලංගු විය. ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 219කි. දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ඡන්ද විමසීම වර්ජනය කළහ.

මේ අනුව ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත් වන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය ඔහු සම්පූර්ණ කරනු ඇත.

මේ අනුව දිනේෂ් ගුණවර්ධනට අගමැති ධූරය හිමි වනු ඇතැයි ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයෙන් පත්කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *