පුද්ගල ඇරියස්, පුංචි පුංචි ආශා, පුද්ගල න්‍යාය පත්‍ර, ඇති වීමට නියමිත විසඳුමක් පේනතෙක් මානයක නැති දේශපාලන හා ආර්ථික අර්බුදය යනා දී දේ පසෙක තැබුවහොත් රාජපක්ෂ පවුලේ වැටීම අතිශයින් වැදගත් දේශපාලන සංසිද්ධියකි.
එය ප්‍රංශයේ බූර්බන් රාජ වංශය වැටීම, රුසියාවේ රොමනොව් රාජවංශය වැටීම වැනිම ලංකාවේ දේශපාලන අනාගතය කෙරේ තීරණාත්මක බලපාන සංසිද්ධියකි.
මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ඉතිහාසය තුළ රැස්කරගෙන තිබූ දේශපාලන සංකේතීය ප්‍රාග්ධනය සිය විස්තෘත පවුගේ දේශපාලන අනාගතය සදහා අයෝජනය කිරීමට තැත් කිරීම රාජපක්ෂවරුන්ගේ වැටීමේ හේතුවයි.
ඒ අර්ථයෙන් ගත් කළ රාජපක්ෂවරුන් මේ දැවැන්ත ජන අරගලයේ එකම ඉලක්කය බවට පත්වීම නොවැලැක්විය හැකි දෙයක් විය.
ආචාර්ය නිර්මාල් දේවසිරි..