ආණ්ඩුවෙන් පැන්නූ පිරිසක් ජන අරගලය මතින් ගොඩයන්න හදනවා…! – කුමාර් ගුණරත්නම්…

April 17, 2022 at 3:57 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල පමණක් නොව ඔවුන් සමග එකතු වී රට කෑ කැබිනට් මණ්ඩලය සහ අනෙකුත් සහයකයින් පිරිස ද ගෙදර යා යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

හෙතෙම අවධාරණය කළේ, එසේ ම රාජපක්ෂ පාලනයෙන් රට මුදා ගෙන යන්නේ කොතනට ද යන කාරණය ඉතා ම වැදගත් බවයි.

පසුගිය සමයේ ආණ්ඩුවෙන් නෙරපා දැමූ පිරිසක් ජනතා අරගලය සිය දේශපාලන පැවැත්ම සඳහා අවභාවිත කිරීමේ උත්සාහයක් ඇතැයි කුමාර් ගුණරත්නම් අනතුරු අඟවයි.

ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ නොතබන බවයි, පෙරටුගාමී පක්ෂ නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *