43 වන සේනාංකය, කොළඹ දී එජාප විරෝධතාවකට එකතු වූ පමණින් තමන් නැවත රනිල් වික්‍රමසිංහ සමග එකතු වන බව ප්‍රකාශ කිරීම පදනම් විරහිත යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
වත්මන් ආර්ථික අර්බුදය තමන්ට තනිව විසඳිය හැකිය යන උද්දච්ච මනසින් ක්‍රියා කළ ආණ්ඩුව සියල්ල විනාශ කර බිත්තියට හේත්තු වූ පසු කැඳවන සර්ව පාක්ෂික සමුළුවලට තමා නොයන බවයි, ඔහු සඳහන් කළේ.
කෙසේ වුව ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන සර්ව පාක්ෂික සමුළුව සඳහා ඉතා ම කැමැත්තෙන් එකතු වන බව පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.
හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ඒ සඳහා ආණ්ඩුවේ රාජපක්ෂ නොවන කණ්ඩායම ඇතුළු ඕනෑ ම පිරිසක් සමග එකතු වන්නට තමන් සූදානම් බවයි.