රාජපක්ෂලට බොරුවට මඩ ගහන්න එපා…! තිලිණි දෙන්න අසාද් සාලිලට සල්ලි ලැබුණු විදිහ හොයන්න..! – නාමල්…

October 19, 2022 at 7:49 pm | by emanisa.lk

තිළිණි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනුවලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධ නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙසේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මැතිසබයේ දී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය.

තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

මුදල් විශුද්ධිකරණය ගැන මහ ඉහළින් කතා කරන මන්ත්‍රීවරුන් කළ යුත්තේ එවැනි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ දේශපාලනඥයින්ට එපමණ මුදලක් ලැබුණේ කෙසේදැයි සෙවීම මිස තමාට හෝ තම පවුලට මඩ ගැසීම නොවන බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *