අසාද් සාලි ලක්ෂ 850ක් තිළිණිට දීලා…!

October 17, 2022 at 7:56 pm | by emanisa.lk

පසුගියදා අත්අඩංගුවට පත් තිළිණ ප්‍රියමාලිට රුපියල් කෝටි 8 1/2 ලබා දුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිලි රැසක් සමග පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියා සිටියේය.

මෙම පැමිණිල්ලත් සමග මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණි 11 ක් ඇයට විරුද්ධව මේ දක්වා ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *