රසායනික පොහොර නවත්තලා ආණ්ඩුව ජනතාවගේ බඩට ගැහුවා….! නුදුරේදී ම සහල් එළවළු මිල දෙගුණ වෙයි…! – ජවිපෙ….

May 23, 2021 at 8:00 am | by emanisa.lk

නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබා නොදීමත් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමත් හේතුවෙන් ඉදිරියේ දී සහල් සහ එළවළු මිල ඉතා ශීඝ‍්‍ර‍්‍ර ලෙස ඉහළ යෑම වැළැක්විය නොහැකියි බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගොවීන් වගා කටයුතුවල යෙදීම තරමක් අඩු වී තිබෙන බවත් හදිසියේ ම රසායනික පොහොර නැවැත්වීමට රජය ගත් තීරණයත් හේතුවෙන් රටේ සමස්ත ගොවි නිෂ්පාදන අඩු වන බව ද කරුණාරත්න පෙන්වා දෙයි.

එසේ ම රටේ මේ වන විට ගොවීන්ගෙන් වී මිල දී ගෙන ඇත්තේ වී මෙට්‍රික් ටොන් 50,000ක පමණ ප‍්‍රමාණයක් බවත් අන් සියලු ම වී තොග ලබාගෙන ඇත්තේ පුද්ගලික වී මෝල් හිමියන් විසින් බව ද ඔහු සඳහන් කළේය.

මේ නිසා සම්පූර්ණයෙන්ම ඉදිරියේ දී වෙළඳ ඒකාධිකාරිය පවත්වා ගෙන යනු ලබන්නේ පුද්ගලික අංශය වන බවත් එහි දී සහල් මිල පාලනය කිරීමට රජයට අසීරු වන බවත් සඳහන් කළ නාමල් කරුණාරත්න එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනට වෙළෙඳපොළේ පවතින සහල් මිල ඉදිරියේ දී දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි ද අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස