රසායනික පොහොර සහ පලිභෝධ නාශක තහනමට පෙර විද්‍යාත්මක පර්යේෂණ කළ යුතුයි..! – මහාචාර්ය සමන් ධර්මකීර්ති

May 5, 2021 at 3:50 pm | by emanisa.lk

රසායනික පොහොර සහ පලිබෝධ නාශක තහනම් කළ යුත්තේ විද්‍යාත්මක පර්යේෂණ සිදුුුුුුුුුුුුුකිරීමෙන් පසු  බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාක පෝෂණය හා පාංශු විද්‍යාව පිළිබද මහාචාර්ය සමන් ධර්මකීර්ති පවසයි.

කාබනික ආහාරවල මිල ගණන් අධික බවත් එම මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

රසායනික පොහොර සහ පලිබෙැ්ධ නාශක යොදා නිපදවන කැරට් නිලෝවක් රු. 200ක් වන ව්ට කාබනික පොහොරින් නිපදවන කැරට් කිලෝවක් රු. 600ක් පමණ වන බව මහාචාර්ය ධර්මකීර්ති කියයි.

එවැනි මිලක්  ජනතාවට දරාගත හැකි ද යන්න සොයා බැලිය යුතු බවත් එමගින් වඩා හොඳ වගා ක්‍රමය හඳුනාගත හැකි බවත් ඔහුගේ අදහසයි.

මෙම තහනමට පෙර එවැනි විද්‍යාත්මක පර්යේෂණ සිදුකර නොමැත බව ද මහාචාර්යවරයා සඳහන් කරයි.

නෙත් ගුවන්විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මහාචාර්ය සමන් ධර්මකීර්ති මෙි බව පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *