රසායනික පොහොර තහනමින් අපනයන භෝගවල කීර්ති නාමයත් විනාශයි…! – සජිත්…

November 9, 2021 at 1:31 pm | by emanisa.lk

රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවැසීය.

රජය ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් මෙම අවිද්‍යාත්මක අන්තනෝමතික තීරණය අතිශය වැදගත් ක්ෂේත්‍ර ගණනාවකට බලපා ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා අපනයන බෝගවලට තිබූ කීර්ති නාමය මේ හරහා විනාශ වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *