ජනපතිගේ පොහොර තහනම් ගැසට්ටුව බැසිල් රිවර්ස් කරයි….? අගෝස්තු 01 වන දා සිට පොහොර ආනයනයට අවසර….!

August 3, 2021 at 3:01 pm | by emanisa.lk

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

පොහොර තහනම ඉවරයි. වගා හානි වූ ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතුයි’ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය දුන් සැමට ස්තුතියි.

2021 අගෝස්තු මස 1 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය කටයුතු කර ඇත. පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇත. එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැත.

ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොහොර ආනයනය තහනම් කරනු ලැබූ නමුත් රජය කාබනික කෘෂිකර්මය සඳහා යැයි ඉතා ග්‍රාම්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා යැයි කියමින් රු. කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපාරයක් භාතිය සංතුෂ් සංගීත කණ්ඩායම සමඟ සැලසුම් කළ අතර ජනතා විරෝධය හරහා එය අතහැර දමන ලදී.

පොහොර තහනම හේතුවෙන් වී අස්වැන්නේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇත. අතිරේක ආහාර භෝග වර්ග 11ක අස්වැන්න අඩුවී ඇතැයි පසුගිය දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. තේ පොහොර නොමැතිවීම නිසා තේ දළු අස්වැන්න අඩුවිය.

සලාක ක්‍රමයක් යටතේ පොහොර ආනයන අත්ත දුෂිත ගණුදෙනුවක් බවට පත් විය හැකිය. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ප්‍රතිමිතියකින් යුතුව ආනයනය කිරීම සඳහා රජය පියවර ගත යුතුය ඇත. එමෙන්ම ප්‍රෝඩාකාරී පොහොර තහනම නිසා වගා හානියකට පත් පිරිසට වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු ය.
රජිත් කීර්ති තෙන්නකෝන්
2021 අගෝස්තු 3

අදාළ ලේඛන පහත දැක්වෙන අතර එහි සඳහන් වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය mineral fertilizer බව පවසන අතර රසායනික පොහොර ආනයනයට අවසර ලබා දුන් බවට නිල මාධ්‍යයක් වාර්තා කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස