පිළිකා වකුගඩු රෝගවලට මුල වසවිස ගොවිතැනයි…! රසායනික පොහොර නිසා වසරකට 239 000ක් මැරෙනවා…! – පවිත්‍රා…

June 8, 2021 at 4:59 pm | by emanisa.lk

රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහි වන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

එම පිරිසට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත් වන බව ඇමතිවරිය සඳහන් කළාය.

වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මිය යන බව පැවැසූ ඇමැතිනී වන්නිආරච්චි පිළිකා රෝගීන්ගේ තිස් දහසක පමණ වැඩි වීමක් වසරක දී පෙන්නුම් කරන බව ද කීවා ය.

රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර ඇතැයිද මෙය බරපතළ තත්වයක් යැයිද ඇය පැවසුවාය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස