රවී දයා එජාප නායකත්ව සටනට සමුදෙති! සමගි බලෙන් පළාත් සභා ඡන්දයට!

September 5, 2020 at 9:18 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු වන උප නායක රවී කරුණානායක හා භාණ්ඩාගාරික දයා ගමගේ  එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සමග සන්ධානගතව ඉදිරිපත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ සඳහා සමගි ජන බලවේගය කැමැත්ත විමසා ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද වාර්තා වේ.

මේ වන විට මේ දෙදෙනා පක්ෂයේ තනතුරු ලබා ගැනීමට වඩා සිය දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා කටයුතු කිරීමට තීරණය කොට තිබේ.

එළැඹෙන පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළොත් මහ මැතිවරණයට වඩා අන්ත පරාජයකට මුහුණ දීමට සිදුවන බව ද මේ දෙනාගේ මතය වී තිබේ.

රවී කරුණානායක කොළඹ දිස්ත්‍රික්කයේනුත් දයා ගමගේ මහතා අම්පාර දිස්ත්‍රික්කයෙනුත් පළාත් සභා මැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස