කොවීඩ් මර්දනයට හමුදා නිලධාරීන් පත්කිරීම සැකයි…! – රවී කුමුදේශ්…

January 4, 2021 at 11:53 am | by emanisa.lk

කොවිඩ් මර්දන කටයුතු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සදහා හමුදා නිලධාරීන් පත් කිරීම ගැටළු සහගත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ජනවාරි පළමු වනදා සිට හමුදා ප්‍රධානීන් කොවිඩ් මර්දනය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

හමුදා ප්‍රධානින් පතිකිරීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ පරිපාලනය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

සෞඛ්‍ය පරිපාලනයේ කොවිඩ් මර්දනය සඳහා සහයෝගය නොදක්වන මෙන්ම හමුදා පරිපාලනය තරම්වත් සෞඛ්‍ය පරිපාලනය ලබාදිය නොහැකි, කළමනාකරණය කළ නොහැකි අදක්ෂ සෞඛ්‍ය පරිපාලකයන් සිටිනම් එවැනි පිරිස් ඉවත් කරන මෙන්ද ඔහු ජනපතිවරයාගෙන් මෙහි දී ඉල්ලා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස