ආරක්ෂක මණ්ඩලයට අගමැති කැඳවා නෑ…! විසඳුම විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමයි..- සජිත්…

April 23, 2022 at 8:52 am | by emanisa.lk

රඹුක්කන සිදු වීමෙන් පසු රැස් වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණ ද ඒ සඳහා තමා සහභාගී නොවූ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එය තමන් අතින් වූ වරදක් බව කී අගමැතිවරයා, තමා ඊට සහභාගී නොවූව ද එදිනම සවස් කාලයේ දී අදාළ තොරතුරු තමන් වෙත දුන් බැවින් කිසිදු ගැටලුවක් නොවූ බව ද කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ රඹුක්කන සිද්ධියට පසු කැඳ වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිවරයා නොකැඳවූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන සම්මත කළේ නම් අගමැතිවරයා එලෙස නොතකා කටයුතු කළ නොහැකි බවයි, විපක්ෂ නායකවරයා එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *