පොලිසිය වෙන්න ගිය මහා විනාශයක් වැළැක්කුවා..! තෙල් බවුසරේට ගිනි තිබ්බා නම් අද රඹුක්කනක් නෑ…! – මහජන ආරක්ෂක අමාත්‍ය

April 20, 2022 at 1:00 pm | by emanisa.lk

රඹුක්කන උද්ඝෝෂණකරුවන් ඉන්ධන ලීටර් 33,000 ක් සහිත බවුසරයක් ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට ඇති බලතල අනුව එය නැවැත්වීමට කටයුතු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

තෙල් බවුසරයට ගිනි තිබ්බේ නම් අද රඹුක්කනක් නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුව අමතමිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *