රඹුක්කන ලීටර් 33000 පෙට්‍රල් බවුසරයකට ගිනි තියන්න හැදුවා…! මහා විනාශයක් වළක්වා ගන්න අවම බලය පාවිච්චි කළා..! – පොලිස්පති…

April 20, 2022 at 8:19 am | by emanisa.lk

රඹුක්කන දී ඊයේ (19) පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බව පොලිස්පති චන්දන වික්‍රමරත්න පවසයි.

පොලිස්පතිවරයා පවසන්නේ පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවයි.

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයකු මිය ගොස් විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් 30කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම සිද්ධියේදී පොලිසිය බලය ඉක්මවා කටයුතු කළේ ද යන්න පිළිබඳව පොලිසිය මට්ටමින් ද පරීක්ෂණයක් කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *