රනිල් පක්ෂය තුළ බලය රැකගන්න නොකළ උලව්වක් නෑ! රටම ණය කරලා මැති ඇමතිලාට සුපිරි වාහන අල්ලස් දුන්නෙත් ඒකට තමයි! – එස්.බී.

February 10, 2020 at 2:05 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහී යන බලය රැක ගැනීමට විශාල වශයෙන් ණය වී මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසීය.

කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට අද (10) සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ එස්.බි.දිසානායක මහතා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුඛෝපභෝගී වාහන මෙසේ මැති ඇමැතිවරුන්ට ලබා දී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පිරිහී යන බලය රැක ගැනීමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුළ පිරිහි ඇති බව එස්.බි.දිසානායක මහතා කියා සිටී.

අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපෑම් සිදුකර එම වාහන ගෙන්වා ඇති බවත්, මාර්තු 20 දින පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් 25 දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස