රනිල් නිසා ශ්‍රීලනිපය දෙකඩ වෙයි…! බහුතරය පොහොට්ටුවට..!

July 18, 2022 at 7:24 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු රනිල් වික්‍රමසිංහ ජනපති කිරිම උදෙසා ජන්දය ප්‍රකාශ කිරිමට සැරසිමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.

තම පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම නිලවරණයේ දී කිසිවෙකුට සහාය නොදීම බව එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ.

කෙසේ වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දැනටමත් කණ්ඩායම් දෙකකට බෙදී තිබේ.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් රජය සමග සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය අනුව කටයුතු කරනු ඇත.

ඒ අනුව ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *