රනිල් චන්ද්‍රිකා සහ මෛත්‍රීගේ ආරක්ෂාව අඩු කරයි! රනිල්ගේ පොලිස් ආරක්ෂක බලඇනිය 60ට බස්සයි!

October 12, 2020 at 2:00 pm | by emanisa.lk

හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරක්ෂාව අඩු කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරීන් 200ක පිරිස 60 ක් දක්වා අඩුකර ඇත. හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන්ද අඩුකර ඇත.

එසේ ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාවට යොදවා සිටි STF නිලධාරීන් 100 දෙනාගෙන් 94 දෙනෙකු ම ඉවත් කර තිබේ. පොලිස් නිලධාරීන්ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමටයි නියමිතය.

හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර එහි නිර්දේශ අනුව මෙම වෙනස්කම් සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස