මදූෂ් සිය දේශපාලන මිතුරන් ඇතුළු වමාරන්න සූදානම්! ඊට පෙර අත්අඩංගුවේම මදූෂ් මරා දමා දැමීමේ අවධානමක්!

May 7, 2019 at 7:24 am | by admin

ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මාදූෂ් නම් පාතාළ නායකයා සිය සබඳතා, අපරාධ, ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු සියල්ල හෙළි කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තමන්ට ජීවිත දානය දෙන ලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට ඔහු යම් බියපත් ස්වරූපයකින් වෙසෙන බව වාර්තා වෙයි.

මදූෂ් පසුගිය සමයේ රටේ ඇතැම් ප්‍රබල දේශපාලකයන් සහ ප්‍රභූ පිරිස් සමග සමීප සබඳතා පැවැත් වූ බව හෙළිදරව් වූ අතර ඔහු අත්අඩංගුවට පත්වීම සමග ඔවුන් මහත් සේ කලබලයට පත් වූ බව ද හෙළිදරව් විය.

මේ පිරිස මදූෂ් ලංකාවට ගෙන ඒමට එරෙහිව ද කළ හැකි සියල්ල කිරීමට පසුබට වූයේ නැත. එවන් පසුබිමක මදූෂ්ගේ ආරක්ෂාව තරකළ යුතු අතර නැතහොත් සියලු රහස් සමග මදූෂ් මරා දැමිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස