පහුගියදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විනාශකාරී පාලනයන්ගේ අවසාන අයවැය බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.
ඔහු අවධාරණය කළේ, ලබන වසරේ නොවැම්බර් වන විට රටේ අලුත් ආණ්ඩුවක් පිහිටු වන බවයි.
විකිණීම, ණය ගැනීම සහ බදු ගැහීම යන සුපුරුදු ගමන හැර එම අයවැයේ කිසිදු අලුත් දෙයක් නොමැති බවත් 75 වසරක ශාපය යනු එයම බවත් අනුර දිසානායක සඳහන් කළේය.
නුගේගොඩ පැවැති විරෝධතා ජනරැලියකට ඊයේ (18) එකතු වෙමින් හෙතෙම මේ බව කීය.