මාලිමා ආණ්ඩුවෙන් කොළඹ අරන් යනවා බද්දේගමට …! – ලාල්කාන්ත….

July 24, 2023 at 6:03 pm | by emanisa.lk

සංවර්ධනය යනුවෙන් පාලකයින් කරන්නේ අහසින්, මුහුදින්, පොළොවෙන්, ඇළ මාර්ගවලින් සහ උමං මගින් කොළඹට ජනතාව ගෙන යාමට මාර්ග තැනීම යැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එහෙත් කළ යුත්තේ කොළඹ නම් කුඩා භූමියට ජනතාව කැඳවීම නොව මිනිසුන් කොළඹට යන අවශ්‍යතා බද්දේගම ගාල්ල අනුරාධපුර වැනි ප්‍රදේශවලින් සපුරාගත හැකි ක්‍රමවේදයක් සැකසීම බවයි, ඔහු සඳහන් කළේ.

සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ මිනිසුන් කොළඹ ගෙන යාමට නොව කොළඹ ඇති පහසුකම් සෙසු පළාත්වලට රැගෙන යාමට බව ද හෙතෙම කීය.

අද පරිපාලන, වාණිජ සහ දේශපාලන නගරය කොළඹ බවත් ජවිපෙ නායක රෝහණ විජේවීර ප්‍රකාශ කළේ එය රටේ තුන් පැත්කට ගෙන යාම බවත් ලාල්කාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *