රනිල් ඉන්දියා සමග අත්සන් කළ ගිවිසුම බොහොම භයානකයි…! – අනුර…

August 21, 2023 at 10:11 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉන්දියාවත් සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම තුළින් භයානක තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“රනිල් වික්‍රමසිංහ පහුගියදා ගියා ඉන්දියාවට. ඉන්දියාවත් එක්ක යම් අවබෝධතා ගිවිසුමකට, එකඟතා ගිවිසුමකට එළඹුණා. රනිල් වික්‍රමසිංහ පහුගියදා ගොස් අත්සන් කරපු ගිවිසුම මොකක්ද? ඉන්දියාව සමග විදුලි රැහැන් පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නළ පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ඒකකයෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිකමය ලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක්. මොකක්ද මේ ? ප්‍රශ්නයක් නැද්ද ? ප්‍රශ්නයක් තිබෙනවා.

අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ අපි නිදහස්ව තවත් ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය අතපය නිදහසේ තියාගෙන. හැබැයි මේ ගනුදෙනුවෙන් ඇවිල්ලා අපි මුළුමනින්ම ඉන්දියාව හැර අපිට වෙන කිසිදු දේශපාලන හෝ ආර්ථික තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක්. දැන් මේක අත්සන් කළේ රනිල් වික්‍රමසිංහ. දැන් රනිල් වික්‍රමසිංහට එවැනි භයානක, රටේ අනාගතයත් එක්ක ඉතාම තීරණාත්මක ලෙස බැඳී තිබෙන ගිවිසුමක් අත්සන් කරන්න ජනතාව ලබාදී තිබෙන ජනවරම මොකක්ද ? එහෙම ජනවරමක් ලබාදීලා නෑ.”

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ පෙරේදා (19) ගාල්ලේ පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ රැස්වීමක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *