ව්‍යාපාරික ක්ෂේත්‍රය කඩාවැටිලා! දෙස් විදෙස් ආයෝජන නෑ! මෙහෙම ප්‍රශ්නකාරී යුගයක් දැකලාවත් නෑ! – කාමීල් හුසේන්

February 19, 2019 at 4:51 am | by admin

රටට නිසි නායකත්වයක් සහ සැලැස්මක් නොමැති නිසා රටේ ආර්ථික වර්ධනයට සුවිශාල දායකත්වයක් ලබා දෙන ව්‍යාපාරික ක්ෂේත්‍රය කඩා වැටී ඇතැයි ව්‍යාපාරික කාමීල් හුසේන් පවසයි.

මේ වන විට රටේ ආර්ථික වර්ධන වේගය 4%ට වඩා අඩු වී ඇති බව වාර්තා කළ ද සිය අත්දැකීම් අනුව එම තත්ත්වය මීටත් වඩා නරක තත්ත්වයක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි. කලාපයේ සෙසු රටවල් ලංකාවට වඩා දියුණුවක් ලබමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

කිසිදු සංවර්ධන සැලැස්මක් නොමැතිව රජය සිය ආදායම් වැඩි කර ගැනීම පිණිස බදු ඉහළ නැංවීම නිසා ව්‍යාපාරික අංශ මෙන්ම රටේ ජනතාව ද මහත් දුෂ්කරතාවලට මුහුණපා ඇතැයි ද මෙවැනි ප්‍රශ්නකාරී යුගයක් පෙර කිසි දිනක නොතිබුණේ යැයි ද කාමීල් හුසේන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය අවසන් කිරීමට රට ගැන සිතා පැහැදිලි ආර්ථික සැලැස්මක් අනුව කටයුතු කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ගොඩනංවා රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ එවැනි ක්‍රමවේදයක් ඔස්සේ පමණි. නො එසේ නම් අපට රටක් ඉතිරි නොවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *