ලංකා ආර්ථිකය නැවත IMF පදයට නටවන්න සූදානම් – IMF ලොක්කෝ පවසති

January 21, 2019 at 5:48 am | by admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව එකග වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීන් ලගාඞ් මහත්මිය පවසයි.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ණය පහසුකම ගැන සාකච්ජා නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පෙබරවාරි මස මැද භාගයේදී කොළඹ සංචාරය කිරීමට නියමිත බවද ක‍්‍රිස්ටීන් ලගාඞ් මහත්මිය කියයි. ක‍්‍රිස්ටීන් ලගාඞ් මහත්මිය, මුදල් ඇමැති මංගල සමරවීර හා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් අතර හමුවක් පසුගියදා (15 දා) සිදු විය. එම හමුවෙන් පසුව ප‍්‍රකාශයක් කරමින් ලගාඞ් මහත්මිය මේ බව කියයි. ඇය නිකුත් කළ ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

ඇමැති මංගල සමරවීර මහතා හා ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූයෙමි. රටෙහි පවතින අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛතාවන් පිළිබඳව අපි සාකච්ජා කළෙමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිසංකරණ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳව එහිදී අවධාරණය කෙරිණි.

එම න්‍යාය පත‍්‍රය ඵලදායි අයුරින් ක‍්‍රියාත්මක කර ශක්තිමත් ප‍්‍රතිපත්ති මාලාවක් හ`දුන්වා දීම තුළින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන තිරසාර ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට ශ‍්‍රී ලංකාව යොමු කළ හැකි බවටත් එය විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රධාන සාධකයක් වන බවටත් එකඟ විය.

මෙම ප‍්‍රයත්නයන්ට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්ව සිටින අතර විස්තීර්ණ ණය පහසුකම ගැන සාකච්ජා නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පෙබරවාරි මස මැද භාගයේදී කොළඹ සංචාරය කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස