රනිල් අගමැති කරන්න අපට ඔළුවේ අමාරුවක් නෑ…!

March 28, 2022 at 10:17 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.

අගමැති ධුරය සඳහා සුදුසු ම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බව පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බව අද (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේය.

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *