රනිල්ගේ මන්ත්‍රී අසුන කාට ද..?

July 20, 2022 at 2:31 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවත පුරප්පාඩු වෙයි.

එවිට එජාපයට තවත් මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි.

පාර්ලිමේන්තු මහ ලේකම් විසින් දින තුනක් ඇතුළත රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා ලෙස ගැසට් කරනු ඇත.

එවිට අදාළ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වන අතර නව මන්ත්‍රීවරයෙකු පත්කළ හැකිය. මෙයට පෙර වාර්තා වූයේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් පවතින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *