රට සුරපුරයක් කරන්න පැමිණි අය රට හොරපුරයක් කළා…! – සජිත්…

November 14, 2022 at 11:26 am | by emanisa.lk

රටට මේ වන විට ඇති ඇමැතිකම් 15 හා රාජ්‍ය ඇමැතිකම් 15 හොඳට ම ප්‍රමාණවත් බව විපක්‍ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කුලියාපිටිය නගරශාලාවේ (12) පැවැති ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

රට සුරපුරයක් කිරීමට පැමිණි අය අද රට හොරපුරයක් බවට පත් කර ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස, දරුවන් පන්ති කාමරවල ක්ලාන්තයෙන් ඇද වැටෙන විට, සිය දහස් ගණනක් තරුණ තරුණියන් අපේක්ෂා භංගත්වයෙන් රට හැර යන විට, කර්මාන්ත ශාලා වැසෙන කොට හෘද සාක්ෂියට එකඟව අපට ඇමැතිකම් ගන්න පුළුවන්දැයිද ප්‍රශ්න කළේය.

“මේ රටේ ඇමැතිකම් 15ක් හා රාජ්‍ය ඇමැතිකම් 15ක් හොඳට ම ඇති. නමුත් පොහොට්ටුවේ 134ක් එකතුවෙලා මේ ජනාධිපතිවරයාව පත්කරගත් නිසා ඒක මේ රජයට කරන්නට බැහැ.

ඒ අය ඒ වෙලාවෙ ඡන්දය දුන්නෙ වරදාන වරප්‍රසාද ගන්න. එයාලට රට ගැන හැඟීමක් නැහැ. හොඳට තිබ්බ රටක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ මෑතකාලයේ බංකොලොත් කරලා දැම්මා.

කිසිම විදිහකින් ලක්‍ෂ දෙසියවිස්සක ජනතාව පාවා දීලා වළපල්ලට ඇද දැමූ රට හොරාකාපු හොර කල්ලිය එක්ක ගිවිසුම් ගහලා කිසිම විදිහකින් ආණ්ඩු කරන්න සමඟි ජන සන්ධානය සූදානම් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *