රට වෙනුවෙන් මුහුදට බිලිවෙන්න මම සූදානම්! – පවිත්‍රාදේවි

November 3, 2020 at 1:47 pm | by emanisa.lk

රටේ කොරෝනා වසංගතය සුව වන්නේ නම් මුහුදට බිලි වීමට වුව තමා සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

සිය අමාත්‍යංශයේ සිට උදේ සිට රාත්‍රිය වන තුරු කොරෝනා උවදුර පාලනය සඳහා තාක්ෂණික සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල නියැළෙන තමන්ට ඒ වෙනුවෙන් සිදුකරන විවිධ ආගමික කටයුතුවලට ද ඇරයුම් ලැබෙන බව ඇමතිනිය පවසයි.

තමා එවැනි කටයුතුවලට ද සහභාගී වන බවත් මුහුණු පොතේ විපක්ෂයේ කණ්ඩායම් කියන ආකාරයට තමා මුහුදට බිලි වූ විට මෙම උවදුර මර්දනය වන්නේ නම් තමන් ඒ සඳහා ද සූදානම් බව ඇය අවධාරණය කළා ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (03) පාර්ලිමේන්තුවේ දී කළ කතාවකට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස