ප්රමාද වී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ. සී. අලවතුවල පවසයි.
රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්රයෝජන ගත යුතු බව ද සඳහන් කළේය.
ආණ්ඩුව කියනකම් නොසිට බොහෝ නගරවල වෙළෙඳසල් හිමියන් සිය කඩසාප්පු ස්වේච්ඡාවෙන් වසා දැමූ බවත් ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ සහ ජනතාවගේ ජීවිත වෙළෙඳාමට වඩා වැදගත් යයි සිතූ නිසා බවත් ජේ. සී. අලවතුවල අවධාරණය කළේය.