කොවිඩ් වසංගතයට රට වසා දැමීමෙන් පමණක් විසඳුම් නොලැබෙන අතර ඒ සඳහා ජනතාවගේ සහය සහ ඔවුන් නිරෝධායන නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
නැවත රට විවෘත කිරීමෙන් පසු ජනතාව ඒකාරාශී වීම සීමා කිරීම සහ සංචරණ සීමා දැඩි කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම අවධාරණය කළේ ය.
රට වසා දැමුවත් ජනතාව ඊට ගරු නොකරන්නේ නම් පලක් නොමැති බවත් මේ වන විටත් විශාල වාහන ප්‍රමාණයක් මාර්ගවල දැකගත හැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ය. රට වසා දැමීමෙන් කොවිඩ් පැතිරීම පාලනය කළ හැකි බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.