අහඹු පරීක්ෂණවලින් 30%ක් ආසාදිතයි…! රට පුරා තැන තැන උප පොකුරු…! රට වසා දැමීම හැර විකල්පයක් නෑ…!

April 28, 2021 at 4:47 pm | by emanisa.lk

සමස්ත රට ම වසා දමා කොවිඩ් 19 වෛරසය මර්දනයට අදාළ දැඩි පියවර නොගතහොත් ඉදිරියේදී වසංගත තත්ත්වය පාලනයෙන් ගිලිහෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඒ නිසා ඉතා ඉක්මනින් රට වසා දැමිය යුතු බව ඔහු අවධාරණය කරයි. මතුව ඇති තත්වය හමුවේ රට වසා දැමීම හැර වෙනත් කිසිදු සාර්ථක විකල්පයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් අතරින් හමුවන ආසාදිතයන් ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බවත් එම තත්ත්වය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බවත් උපුල් රෝහණ අවධාරණය කරයි. ‍

එසේ ම රට පුරා තැනින් තැන උප පොකුරු වාර්තා‍ වෙමින් තිබෙන බවත් රට වසා දැමීමකින් තොරව එම පොකුරු වර්ධනය වීම වැළැක්වීම අපහසු බවත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *