අනවශ්‍ය ලෙස ආහාර රැස් කිරීමේ උවමනා නෑ! රට වසා දැමීමේ කිසි ම තීන්දුවක් නෑ! – බන්දුල

October 8, 2020 at 10:33 am | by emanisa.lk

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප‍්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිල දී ගැනීමට පෙළඹිණි.

මේ හේතුවෙන් සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක හිඟයක් පවතින බව ප‍්‍රදේශ රැසකින් වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *