රට වැසීමට ඇමරිකානු ආණ්ඩුව ගත් තීන්දුව ඉතිහාසයේ වඩාත් වැරදි තීන්දුව බව ඇමරිකානු විද්වතෙක් පෙන්වා දෙයි.
රට වසා දැමීම පොහොසතුන් පමණක් සුඛෝපභෝගී භාණ්ඩයක් බව ඔහු පෙන්වා දෙයි. ධනවතුන්ට රට වසා දැමීම අපහසුවක් නොවන නමුත් දුප්පත් ජනතාවට ඒ සමඟ සටනක් කිරීමට සිදුව ඇතැයි ඔහු අවධාරණය කරයි.
රටවල් වසා දැමීම නිසා ලොව පුරා මිලියන 150කට අධික ජනතාවක් දැඩි දරිද්‍රතාවට ගොදුරු වන බවත් විද්‍යාඥයින් 15 000ක් රට වසා දැමීම මානව සෞඛ්‍යයට අහිතකර බව පෙන්වා දී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
රට වසා දැමීම මගින් අති බහුතර ජනතාව වද වේදනාවට ලක් කරන බවත් එය මිසයිල ප්‍රහාරයකින් මීයෙකු මරා දැමීමට කටයුතු කිරීම වැනි විනාශකාරී ක්‍රමවේදයක් බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.